1.ඇත්ත නම මොකක්ද?
Shaze Tempain - ශේස් ටෙම්පේන්
2.ඉස්කෝලේ මොකක්ද?
Shaze Tempain - මහනාම විද්‍යාලය - කොළඹ 03
3.Shaze මොනවාද මේ දවස් වල විස්තර?
Shaze Tempain - අවුලක් නෑ.. ඒ ලෙවල් නිසා පොඩ්ඩක් වෙලාව මදි. මියුසික් වැඩ කරගන යනවා අඩුවක් නැතුව. ලංකාවෙ "හොද" මියුසික් වලට සප් එක දීගන ඉන්නවා
4.රැප් කරන්න පටන් අරන් දැන් කොච්චර කාලයක් වෙනවාද?
Shaze Tempain - 2009 දි. ඒ කාලෙ බරපතල ඉන්ග්ලිශ් රැප් පිස්සුවක් තිබ්බෙ.
5.රැප් කළාව තොර ගන්න හේතුව මොකක්ද?
Shaze Tempain - ඇත්තටම තෝරගත්ත දෙයක් නෙවෙයි.. ඒ කාලෙ තමයි ඔබාමා ඇමරිකාවෙ ජනාදිපති උනේ. ඊටපස්සෙ කලු මිනිස්සුන්ගෙ හිප් හොප් වලට ලොකු ප්‍රසිද්දියක් ආවා. මියුසික් උණක් තිබ්බ නිසා තමයි ආසාවට රැප් කරේ. දිගටම කරන්න හිතුවෙ නෑ. මට බැනපු අය නිසා තමයි දිගටම කරන්න පෙලඹුනේ
6.ඔයා Follow කරන Rappersලා කවුද?
Shaze Tempain -එහෙම කියන්න බෑ. පාරෙ බස් එකේ සින්දු කියන මිනිහාගෙන් පවා ඉගනගන්න දේවල් තියනවා. එහෙමයි කියලා මම කවුරුත් වගේ වෙන්න දගලන්නෙ නෑ. කාගෙවත් පස්සෙ යන්නෙත් (Follow) නෑ
7.ලංකවේ පළවෙනි රැප් Album එක කරේ ඔයා මොකද ඒ ගැන හිතන්නේ සතුටුද?
Shaze Tempain -ලංකාවෙ පලවෙනි "රැප්" ඇල්බම් එක කරේ මම නෙවෙයි. ඊට කලින් ඉන්ග්ලිශ් සහ ටැමිල් රැප් ඇල්බම් තිබ්බා. ලංකාවෙ පලවෙනි "සිංහල රැප්" ඇල්බම් එකයි මම කරේ. - ඔව් එකෙන්ම සතුටක් තියනවා
8.ඉස්සරහට එන්න තියෙන වැඩ මොනවද?
Shaze Tempain -ඉස්සරහට වැඩ එන්න තියනවා. රැප් විතරක් නෙවෙයි.. කිව්වොත් අගේ නෑ. බලන් ඉන්න!
9.ගෙදරින් කැමති වුනාද රැප් කරනවාට?
Shaze Tempain -නෑ! මගෙ අම්මයි තාත්තයි ගොඩාක් වියදම් කරා, මහන්සි වුනා මාව ක්ලැසිකල් මියුසීශියන් කෙනෙක් කරන්න. ඉන්දියාවෙ භාත්කාන්ඩේ සංගීත විශ්ව විද්‍යාලෙ විශාරද වෙනකම් විභාග කරවලා වෙස්ටර්න් පැත්ත, ඔඩියෝ ඉන්ජිනියරින් පැත්ත පොඩි කාලෙ ඉදලාම උගන්නන්න එයාලා ගොඩක් වියදම් කරා. එහෙම කරලත් මම කුනුහරප කිය කිය පිස්සු නටනවා කියලා මුලදි තාත්තා ගොඩක් අප්සට් එකේ හිටියෙ. පස්සෙ දැන් එයලාටම තේරිලා කුනුහරපෙන් හරි ඇත්ත කියපු නිසා මිනිස්සු අපිට ආදරෙයි කියලා. ඒත් අම්මා නම් තාම බනිනවා. මොනවා උනත් එයාලට ණයයි!
10. SL HipHop Music Page 1ක ගැන මොකද හිතන්නේ?
Shaze Tempain -මීඩියා වලින් රැප් වෙනුවෙන් නොකරන දේ උඹලා පොඩියට හරි කරන එකට බොක්කෙන්ම සතුටුයි!
Interview By - Wagmee
ConversionConversion EmoticonEmoticon